Saturday, March 5, 2022

ශ්වසන පද්ධතිය

  ශ්වසන පද්ධතිය


 ශ්වසන පද්ධතිය

  •  ශ්වසන පද්ධතිය පහත සඳහන් ප්‍රධාන කොටස්වලින් සමන්විත ය.
    1. නාස් විවර
    2. නාස් කුහරය
    3. ග්‍රසනිකාව
    4. ස්වරාලය
    5. ශ්වාසනාලය 
    6. ශ්වාසනාලිකා
    7. අනු ශ්වාසනාලිකා
    8. ගර්ත 
  • ශ්වාසනාලයෙන් පැන නගින ශ්වාසනාලිකා දෙක එක් එක් පෙණහැල්ල තුළට ඇතුළු වී කුඩා අනුශ්වාසනාලිකා බවට පත් වී, අවසානයේ ගර්ත නැමැති වාත කෝෂවලින් කෙළවර වෙයි.
  • අනුශ්වාසනාලිකා හා ගර්ත පෙණහැලි තුළ පිහිටා ඇත.
  • පෙණහැලි උරස් කුහරය තුළ පිහිටන කේතු හැඩැති ව්‍යුහ යුගලකි.
  • පෙණහැලි දෙක හැඩයෙන් හා තරමින් සුළු වශයෙන් වෙනස් ය. වම් පෙණහැල්ල, දකුණු පෙණහැල්ලට වඩා මඳක් කුඩා ය. ඊට හේතුව හෘදයේ අග්‍රය, මධ්‍ය තලයෙන් මඳක් වමට බර ව පිහිටීමයි.
  • වම් පෙණහැල්ල ඛණ්ඩිකා දෙකකින් ද, දකුණු පෙණහැල්ල ඛණ්ඩිකා තුනකින් ද සමන්විත ය.
  • ශ්වසනය සිදුවන විට නාස් විවර තුළින් ශ්වසන පද්ධතියට වාතය ඇතුළු වෙයි. නාස් කුටීරය තුළ ඇති අවකාශය තුළින් වාතය ගමන් කරන විට, රෝම මගින් වාතය පෙරීමට ලක් වන අතර ම, වාතය උණුසුම් වීම හා තෙත් කිරීම සිදු වෙයි.
  • නාස් කුටීරය ග්‍රසනිකාවට විවෘත වෙයි. ග්‍රසනිකාව වාතයට හා ආහාරවලට පොදු ගමන් මාර්ගයක් සලසයි. එනම් වාතයේ ගමන් මාර්ගයත් ආහාරවල ගමන් මාර්ගයත් එකිනෙක හරහා වැටී තිබේ.
  • ආහාර ගිලින විට, ස්වරාලය ඉහළට චලනය වී අපිජිහ්විකාව මගින් ශ්වාසනාල ද්වාරය වැසීම සිදු වෙයි. එමගින් ආහාරවලට අන්නස්‍රෝතය හරහා ආමාශයට ගමන් කිරීමට මාර්ගය සලසයි. අනෙක් අවස්ථාවල දී ශ්වාසනාල ද්වාරය විවෘත බැවින් වාතයට ග්‍රසනිකාවේ සිට ස්වරාලය හරහා ශ්වාසනාලයට ඇතුළු විය හැකි ය.

අපිජිහ්විකාවේ ක්‍රියාකාරීත්වය

  • ස්වරාලය තුළ වැඩි වශයෙන් ම ප්‍රත්‍යස්ථ තන්තුවලින් සෑදුණු ස්වරතන්ත්‍ර පිහිටා ඇත. ප්‍රශ්වාස වාතය ඇදීමට ලක් වු හෝ ආතතියට ලක් වූ ස්වරතන්ත්‍ර හරහා ඉක්මනින් ඉහළට යන විට ස්වරතන්ත්‍ර කම්පනය කරමින් හඬ නිපදවීමට ආධාර වෙයි.

  • ස්වරාලයේ හා ශ්වාසනාලයේ බිත්ති කාටිලේජ මගින් ශක්තිමත් ව පවතින නිසා වාතය ගමන් කරන මාර්ග විවෘත ව පවත්වා ගැනීමට හැකි ය.
  • ශ්වාසනාලයේ සිට ශ්වාසනාලිකා දෙක හරහා එක් එක් පෙණහැලි තුළට වාතය ගමන් කරයි. පෙණහැලි තුළ දී අනුස්වාසනාලිකා ලෙස හඳුන්වන ශ්වාසනාලිකාවල කුඩා ශාඛා ජාලයට වාතය ඇතුළු වෙයි. ශ්වසන මාර්ගයේ ප්‍රධාන ශාඛාවල ඇතුළු බිත්තිය ආස්තරණය කරන අපිච්ඡදයේ (ව්‍යාජ ස්ථරීභූත පක්ෂ්මධර අපිච්ඡදයකි) පක්ෂ්ම හා තුනී ශ්ලේෂ්මල පටලයක් ඇත.
  • ආශ්වාස වාතය සමග පැමිණෙන දූවිලි හා අංශුමය දූෂක රඳවා ගැනීමට ශ්ලේෂ්මලය ආධාර වෙයි. පක්ෂ්ම සැලීම මගින් එම ශ්ලේෂ්මල ග්‍රසනිකාව වෙත ඉහළට චලනය කරවා ගිලීම මගින් අන්නස්‍රෝතයට ඇතුළු කරවයි. ශ්වසන පද්ධතිය පවිත්‍ර කරන මේ ක්‍රියාවලිය ‘ශ්ලේෂ්මල ඉහළ නැංවීම ‘ (mucus escalator) ලෙස හඳුන්වයි.

පක්ෂ්ම සැලීම මගින් ශ්ලේෂ්මල පරිවහනය 

  • ඉතා කුඩා අනුශ්වාසනාලිකා අග්‍රස්ථවල කුඩා වාත කෝෂ සමූහයක් එකට පොකුරු ගැසී ඇත. ගර්ත (alveoli) ලෙස හඳුන්වන මේ වාත කෝෂ තුළට වාතය පැමිණි පසු වායු හුවමාරු ක්‍රියාවලිය සිදු වෙයි.
  • පක්ෂ්ම රහිත, පැතලි, තනි අපිච්ඡද සෛල ස්තරයකින් ගර්ත බිත්ති සෑදී ඇත.
  • ගර්තවල ඇතුළත ආස්තරණය ඉතා තුනී තරල පටලයකින් ආවරණය වී පවතියි. එම තරලය සර්ෆැක්ටන්ට් නම් වේ.
  • පෙණහැලි තුළ ගර්ත මිලියන ගණනක් පවතින අතර, එමගින් වායු හුවමාරුව සඳහා විශාල පෘෂ්ඨ ක්ෂේත්‍රඵලයක් ලබා දෙයි. එමෙන් ම සෑම ගර්තයක් ම රුධිර කේශෙනාලිකා ජාලයකින් ද වට වී පවතියි.


Thursday, December 21, 2017

ජීව විද්‍යාව



 ජීවවිද්‍යාව
මෙහිදී අප හදාරන්නේ මිනිස් සිරුර පිළිබඳවයි.
මිනිස් සිරුරේ 
ඇති පද්ධති.....  
       q  ආහාර මාර්ග පද්දතිය
       q  බහිස්ස්‍රාවීය පද්දතිය
       q  ශ්වසන පද්දතිය
       q  රුධිර සංසරණ පද්දතිය
       q  ප්‍රජනක පද්දතිය
       q  පේශී පද්දතිය
       q  අස්ථි පද්දතිය
       q  ස්නායු පද්දතිය




 ආහාර මාර්ග පද්ධතිය
මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය සකස් වි තිබෙන්නේ බාහිරින් ලබාගනු ලබන ආහාර දේහය තුලදි ජීර්ණය කොට රැධීරයට අවශෝණය කිරිම සහ ජීර්ණය නොවු අපද්‍රව්‍යය(මළ ද්‍රව්‍යය) ගුද මාර්ගය හරහා පිටකිරිමත් යන මුලික ක්‍රියාවලින් සදහාය.


මිනිස් ආහාර මාර්ගය තුල සිදුවන ක්‍රියාවලින් මුලික ලෙස ආකාර 4 කට බෙදා දැක්විය හැකිය.
  1. අධිග්‍රහණය(Ingestion)
  2. ජීර්ණය (digestion)
  3. අවශෝෂණය(absorption)
  4. පහකිරිම(elimination)
මිනිසාගේ ආහාර මාර්ගය සමන්විත වන්නේ මුඛයේ සිට ගුද මාර්ගය දක්වා පවතින නාල පද්ධතියකින් සහ එ ආශ්‍රැතව පවතින විශේෂිත ග්‍රන්ථි සමුහයකිනි.

ඛේට ග්‍රන්ථි(Salivary glands) -- ඛේටය(කෙළ) ස්‍රාවය කිරිම

අග්න්‍යාසය (pancreas)--- අග්න්‍යාසයික යුෂය ස්‍රාවය කිරිම 

අක්මාව සහ පිත්තාශ නාල(Hepatobiliary system)-- පිත නිපදවිම සහ ගබඩා කිරිම ස්‍රාවය කිරිම

අපගනු ලබන ආහාරයේ වු මුලික සංඝටක ලෙස 
  • කාබෝහයිඩ්‍රේට්
  • ප්‍රෝටින
  • ලිපිඩ
  •  විටමින් හා ඛනිජ ලවන
දැක්විය හැකිය.
ආහාරයේ අඩංගු මෙම සංකීර්ණ කාබනික සංයෝග අවශෝෂනයට සුදුසු සරල ද්‍රව්‍යය බවට බිඳ හෙලිම ආහාර ජිර්ණය ලෙස අදහස් කෙරේ. 

ආහාර ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වනුයේ මුඛය තුලදි ඛේට එන්සයිමවල(ටයලින්) ක්‍රියාකාරිත්වය මගිනි.

ආමාශය තුලදි ආහාරයට එක්වන HCl අම්ලය මගින් ප්‍රෝටින් ජිර්ණය කරනු ලබන Pepsin එන්සයිම ක්‍රියාකාරි විම මගින්  ප්‍රෝටින ජිර්ණය ආරම්භ වේ.

ආමාශය තුලදි ආහාර හොදින් අමාශයික යුෂය සමඟ මිශ්‍ර විමෙන් සැදෙන මිශ්‍රණය ආමාලසය (Chyme) ලෙස හදුන්වනු ලබයි.

කුඩා අන්ත්‍රය තුලදි තවදුරටත් ආහාර ජිර්ණය සිදුවන අතර ග්‍රහණිය (Duodenum) තුලදි ආහාර මාර්ග කුහරය තුලට අග්න්‍යාසයික යුෂය සහ පිත එකතු වන අතර එමගින් ජීර්ණ ක්‍රියාවලිය තවදුරටත් සිදු කරනු ලබයි.

සම්පුර්ණයෙන්ම පාහේ ලිපිඩ ජීර්ණය සහ අවශෝෂණය සිදුවන්නේ කුඩා අන්ත්‍රය තුලදිය.
තවද කුඩා අන්ත්‍රය ආහාර අවශෝෂණය සිදුවන මුලික ස්ථානය වන අතර එය කාර්යක්ෂමව සිදු කිරිම සදහා විශේෂිත සකස්විමද දක්නට ලැබේ.






ආහාර මාර්ගයේ අභ්‍යයන්තර බිත්තියේ විශේෂ අංගුලිකා(Villi) වැනි නැමුම් පවතින අතර එවායේ ක්ෂුද්‍ර අංගුලිකා (microvilli)ලෙස හදුන්වන ප්‍රසර විශාල වශයෙන් පවති.තවද මෙම අංගුලිකා සමීපයේ හොදින් සකස් වු රැධිර වාහිනි පවති.


කුඩා අන්ත්‍රය තුලදි විවිධ පෝෂක ද්‍රව්‍යය, විටමින, ලවණ ,ජලය (90%),අවශෝෂණය විම සිදු වේ.

ජීර්ණය නොවු කොටස් මළ ද්‍රව්‍යය ලෙස මහා අන්ත්‍රය වෙත නිදහස් කරනු ලබන අතර මින් තවදුරටත් ජලය (10%) සහ ලවණ අවශෝෂනය විමමගින් ඝන තත්වයේ පවතින මළද්‍රව්‍යය ගුද මාර්ගය තුලින් බැහැර කිරිම සිදු වේ.
   






Saturday, November 18, 2017

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය යනු කුමක්ද


සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය යනු පුද්ගලයකු පූර්ණ සෞඛ්‍යකින් යුක්ත වීම සදහා අවශ්‍ය කරුණු න්‍යයාත්මකව   හා ප්‍රායෝගිකව අධ්‍යනය කිරිඉමයි.

පූර්ණ සෞඛ්‍යය යනු 

ලෙඩ රෝග වලින් තොරවීම පමණක් නොව 

  • කායික 
  • මානසික
  • සමාජීය
  • ආධ්‍යාත්මික 
සුවතවයයි.


 මෙහිදී 


  1. ජීව විද්‍යාව 
  2. මනෝ විද්‍යාව 
  3. පෝෂණය
  4. සමාජ විද්‍යාව 
  5. වෛද්‍ය විද්‍යාව 
  6. ජීවයාන්ත්‍රනය
  7.  සංඛ්‍යානය 
  8.  පරිපාලනය
  9.   සංවිධානය 
  10. තාක්ෂණය
 හැදෑරීමට අවස්ථාව ලැබේ 

ශ්වසන පද්ධතිය

   ශ්වසන පද්ධතිය  ශ්වසන පද්ධතිය  ශ්වසන පද්ධතිය පහත සඳහන් ප්‍රධාන කොටස්වලින් සමන්විත ය. නාස් විවර නාස් කුහරය ග්‍රසනිකාව ස්වරාලය ශ්වාසනාලය  ශ්...